Monday, February 16, 2026
Follow Us
විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් සේවයට කැඳවීම පමාවීමෙන් දුම්රිය ධාවනය අර්බුදයක

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීම සඳහා කඩිනමින් අනුමැතිය හිමිවනු ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා.

දුම්රිය නියාමකවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු පවත්වාගෙන යාම ද අසීරු වී තිබෙනවා. මෙම තත්ත්වය මත දැනට ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාවට ප්‍රමාණවත් දුම්රිය නියාමකවරුන් නොමැති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

දුම්රිය නියාමකවරුන්ගේ හිඟය හේතුවෙන් ඉකුත් සමයේද ධාවනය වීමට නියමිතව තිබූ ඇතැම් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය බලධාරීන්ට සිදුවුණා. ඊට විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී වැඩවර්ජනයක් සිදුකරන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මීට පෙර ප්‍රකාශ කළේ.

(Neth)