Monday, February 16, 2026
Follow Us
අද විදුලි කප්පාදුවක් ?

අද ඉල්ලුම මත අකැමැත්තෙන් වුවද විදුලිය කපන්න වෙනවා


විදුලි ඉල්ලුම අද (7 වැනිදා) දිනයේ මෙගාවොට් 2750 ක් බවට පත්වුවහොත් විදුලි කප්පාදුවකට යෑමට අකැමැත්තෙන් හෝ සිදුවන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවැසුවේය.

මෙගාවොට් 2750 ක පමණ ධාරිතාවක් උත්පාදනය කිරීමට ඉන්ධන හිඟයක් රට තුළ පවතින අවස්ථාවක නොහැකි බවද හෙතෙම ‘අරුණ’ ට පැවැසීය.

විදුලිය කප්පාදු කිරීම පිළිබඳ තීරණ ගත යුත්තේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මිස විදුලි ඉංජිනේරුවන් නොවන බව සභාපතිවරයා කියා සිටියේය.
පෙබරවාරි 3 වැනිදා රටපුරා සිදුවූ විදුලි කප්පාදුව තවමත් ප්‍රහේලිකාවක් බවත්, මෙම කප්පාදුව සිදුවූයේ කුමන හේතුවක් නිසාදැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා හෝ තවමත් නොදන්නා බව ඔහු පැවැසීය.

(Aruna)