Monday, February 16, 2026
Follow Us
රට වසා දැමීමක් ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

සංචරණ සීමා පනවයිද ?


පවතින කෙරෝනා තත්වය තුළ රට වසා දැමීමේ හෝ සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

එමෙන්ම බූස්ටර් මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමාණවත් එන්නත් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් සහතික වනවා.

තවත් කොරෝනා ආසාදිතයන් 1,287 ක් ඊයේ (05) වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 617,189 ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,572 ක් දක්වා ඉහළ ගියේ ඊයේ කොරෝනා මරණ 28 ක් වාර්තා වීමත් සමගයි.

(Aruna)