නිදහස් දිනය වෙනුවෙන් නිදහස ලැබූ සිරකරුවන්
අදට යෙදෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රදානය කර තිබේ.
ඒ අනුව, මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20 ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක් සහ කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13 ක් අද නිදහස ලැබීමට නියමිතයි.
බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11 ක්, වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10 ක් ඇතුලු දිවයින තුළ බන්ධනාගාරගත සිරකරුවන් 197 දෙනෙකුට මෙලෙස විශේෂ රාජ්‍ය සමාව හිමි වී තිබේ.
(Aruna)