වීසා ගැනීමේ පහසුකම් පුළුල් වෙයි
විදෙස් ගුවන් මගීන්ට සිය රටවල සිට ගෙවීම් සිදුකෙරෙන ඉලෙක්ට්‍රොනික් කාඩ්පත් ක්‍රියාවිරහිතවීම හේතුවෙන් මෙරටට පැමිණ ගුවන්තොටුපොළේ දී අදාළ ගෙවීම් කටයුතු සිදුකර වීසා ලබාගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
මේ වනවිට අදාළ පහසුකම ගුවන්තොටුපොළ තුළ සක්‍රීයකර ඇති බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා.
ඒ අනුව ඔස්ට්‍රියාව, බෙල්ජියම, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, පෝලන්තය, ඉතාලිය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයකට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් එරට ගුවන්තොටුපොළේ දී වීසා ලබාගෙන නොමැති නම් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් යානය වෙත පිවිසීමට අවස්ථාව එරට ගුවන් තොටුපළ බලධාරීන් විසින් අත්හිටුවා තිබුණා.
එහෙත් එම රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන ගුවන් මගීන්ට කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ, ගුවන්තොටුපොළේ දී වීසා සඳහා අදාළ ගෙවීම් සිදුකළ හැකි බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.
(Aruna)