Monday, February 16, 2026
Follow Us
නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති සමාව හිමිවන සිරකරුවන්

හෙට දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව බන්ධනාගාර 07ක සිටින සිරකරුවන් 197 දෙනෙකුට එලෙස ජනාධිපති සමාව හිමිව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක සඳහන් කර සිටියේ.

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්, කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක් සහ වාරියපොල බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් සඳහා එලෙස ජනාධිපතිතුමන් විසින් ප්‍රධානය කරනු ලබන විශේෂ රාජ්‍ය සමාව හිමි වී ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

(Neth)