Monday, February 16, 2026
Follow Us
විදුලි බිල ගැන තීරණයක්

විදුලිබල ඇමති මාධ්‍ය හමුවකට එක්වෙයි


කවුරු කෙසේ පැවසුවත් මේ මොහොතේ විදුලිබිල වැඩි කිරීමේ බලාපොරොත්තුවක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“මම ඇමතිවරයා හැටියට ජනාධිපතිතුමාටත්, විදුලිබල මණ්ඩලයටත් කියන්නේ අපි විදුලිය වැඩිනොකර යන්න බලනවා. එතකොට පුනර්ජනීය විදුලිය අපිට මේ වසරේ මෙගාවොට් 1,000ක්වත් ගන්න පුළුවන් වුණොත් අපිට විදුලිබිලේ යම්කිසි ප්‍රමාණයකට අඩු කරන්නත් පුළුවන් කියලා මං විශ්වාස කරනවා.”

(Aruna)