කොවිඩ් හැඳුණු උ/පෙළ දරුවන් ගැන තීරණයක්
එළඹෙන 7 වැනිදා පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත අයැදුම්කරුවන් සඳහා විශේෂිත මධ්‍යස්ථාන 29ක් පිහිටුවීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන සඳහන් කරනු ලැබීය.
මෙවර උ.පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2438ක් ක්‍රියාත්මක වන අතර විශේෂිත විභාග මධ්‍යස්ථාන 29ක් රෝහල්වල දිස්ත්‍රික්ක මට්ටමින් ස්ථාපිත කිරීමට කටයුතු කොට ඇති බව හෙතෙම පැවසීය.
උ.පෙළ විභාගය සඳහා මෙවර පාසල් සිසුන් සහ පෞද්ගලික අපේක්ෂකයන් තුන්ලක්ෂ හතළිස් පන්දහස් දෙසිය හතළිස් දෙදෙනෙකු පෙනී සිටිනු ඇත.
විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් පැවසූයේ විභාග මධ්‍යස්ථාන සඳහා අනුයුක්ත කරනු ලබන නිලධාරීන් ගැටලු මතු නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි.
(Aruna)