Monday, February 16, 2026
Follow Us
නැවත දැනුම්දෙන තුරු විදුලි කප්පාදුවක් නෑ

ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද ගත් තීරණය


නැවත දැනුම්දෙන තුරු විදුලිය කප්පාදුවක් සිදුනොවන බව ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලිය විසන්ධි කරනවාද නැද්ද යන තීරණය සම්බන්ධයෙන් අද පස්වරුවේ පැවැති රැස්වීමකදි මෙම තීරණය ගත් බවයි.
විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන පැවැතීමත්, නොරොච්චෝල බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමත් සමගින් මෙම තීරණය ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)