Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය අමාත්‍යංශයක ප්‍රධාන අංශයක් වසා දැමේ

රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන්ට කොවිඩ්


ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ, එම අමාත්‍යංශයේ වැඩි සංඛ්‍යාවකට කොවිඩ් ආසාදනයවීම හේතුවෙනි.

ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ප්‍රවාහන වෛද්‍ය ආයතනය ඇතුළු ආයතන කිහිපයක ද කොවිඩ් රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති අතර, එහි උසස් නිලධාරීන් කිහිපදෙනෙකු ද කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

(Aruna)