Monday, February 16, 2026
Follow Us
පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් ඉවත් කළ හේතුව හෙළිවෙයි

පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කළේ තාවකාලිකව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත පැවසුවේ වෙළඳපලේ පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කඩිනමින් යළිත් පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අපේක්ෂා කරන බවයි.

නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ජල බෝතලයක මිල ඉහල නැංවීමට අවසර ලබාදෙන ලෙස පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන සමාගම් විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මෙලෙස උපරිම සිල්ලර මිල තාවකාලිකව ඉවත් කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේ.

එම සමාගම්වලින් කල ඉල්ලීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ ඇති පාරිභෝගික සභාව වෙත යොමු කර මෙලෙස උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණය කර තිබෙනවා.

(Neth)