Monday, February 16, 2026
Follow Us
අධිවේගයේ යන රියදුරන්ට අලුත් නීතියක්

රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්


අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනයක් ආපදාවකට ලක් වුවහොත් තමන් විසින් ම පිළිසකර ගැනීම සිදු නොකළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

එවැනි අවස්ථාවකදී ඔවුන් විසින් පළමුව සිදු කළ යුත්තේ එම වාහනය මාර්ගයේ ආරක්ෂිත කලාපයට අයින් කර වහාම 1969 අධිවේගී මාර්ග සේවා අංකයට කතා කර ඔවුන්ගේ සේවය ලබාගැනීම බව ඔහු සඳහන් කරයි.

එසේ නොකර තමන් විසින්ම ආපදා කටයුතු පිළිසකර කිරීමට උත්සහ දරන රියදුරන් සහ රිය සහායකයින් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

අද (29) උදෑසන කොළඹ පිටත වට රවුම් මාර්ගයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අදහස් පළ කළේය.

(Aruna)