Monday, February 16, 2026
Follow Us
සහල් මිල පහළට

සතොස සහල් මිල මෙන්න


සතොස හරහා අලෙවි කරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් අද (29) සිට රුපියල් 128කට අලෙවි වනු ඇත.

“සතොස නාඩු සහල් රුපියල් 105යි. අද සිට සම්බා 128යි. කිලෝ 10ක් පාරිභෝගිකයා ට දෙනවා. වරායේ තවත් සහල් විශාල තොගයක් තියෙනවා හිර වෙලා. ඒ ටිකත් ආවොත් වෙළෙඳපොළේ සහල් මිල තවත් අඩු වෙයි.” යනුවෙන් අද පෙරවරුවේ පිටකොටුව සහල් තොග වෙළඳසල්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්යවරයා පැවසීය.

(Aruna)