Monday, February 16, 2026
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුව අලුත් වැඩකට අත ගසයි

වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රධාන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙවා. එහි පළමු අදියර යටතේ කොළඹ කොටුව, රාගම සහ ගම්පහ දුම්රිය ස්ථාන සංවර්ධනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ.

ඒ සදහා අවශ්‍ය සැලසුම් මේ වනවිටත් සකස් කරමින් ඇති බවද ඔහු සදහන් කළා. එහි මූලිකත්වය දී ඇත්තේ එම දුම්රිය ස්ථානවල මගීන් වෙනුවෙන් පහසුකම් වැඩි කිරීමටයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර දුම්රිය බලධාරීන් අද පෙරවරුවේ රාගම දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වුණා. ඊට එක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රවාහන සහ ධාවනබල ප්‍රධාන ඉංජිනේරුවරයා ධාවනය කෙරුණු කාර්යාල දුම්රියවල පවතින අඩුපාඩු පිළිබද සොයා බැලූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

(Neth)