Monday, February 16, 2026
Follow Us
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම් දීමක්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍රය නොලැබුණු අයදුම්කරුවන්ට සිය ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස භාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම වෙබ් අඩවියේ මුල් පිටුවේ සේවා කොටස යටතේ ඇති අ.පො.ස උසස් පෙළ විභාගය 2021 විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම තෝරා ඒ යටතේ සිය ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත හැකි වනවා.

මෙවර විභාගයට පෙනී සිටින පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර තැපෑල මගින් මේවනවිටත් යොමු කර ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. 2021 අපොස උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වන දින සිට මාර්තු මස 05 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

(Neth)