Monday, February 16, 2026
Follow Us
ඊයේ ආසාදිතයින් 927ක් : පාසැල් පවත්වාගෙන යෑම අඛණ්ඩවම

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 900 සීමා ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 927 ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සමාජය තුළ තවත් කොරෝනා ආසාදිතයින් සිටිය හැකි බවත් ඒ අනුව සෞඛ්‍ය පුරුදු අඛණ්ඩව පවත්වාගෙන ඉතා වැදගත් බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

පවතින තත්ත්වය හමුවේ වුවද මතුවන ගැටළු නිරාකරණය කර ගනිමින් පාසල් අඛණ්ඩව පවත්වාගෙන යන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් වැඩිදුරටත් සදහන් කළා.

(Neth)