Monday, February 16, 2026
Follow Us
චීන සහල්, කාබනික නැතැයි රජය කියයි

පොහොර අර්බුදය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමේදී එම වන්දි ලබාදෙන්නේ වී ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ වන්දි ලබාදීමේදී වී ගොවිතැන සිදු කළ ආකාරය සම්බන්ධයෙන් කිසිදු කොන්දේසියකින් තොරව වන්දි ලබාදීම සිදු කරන බවයි.

මේ අතර චීනයෙන් මෙරටට ලබාදෙන සහල් කාබනික වගාවෙන් ගොවිතැන් කර ලබාගත් සහල් නොවන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම තහවුරු කළා.

2021 - 2022 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේදී පෞද්ගලික අංශය සමඟ තරඟකාරී මිල ගණන් යටතේ, වී මිලදී ගැනීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව අද සිට වී කිලෝවක් රුපියල් 75 කට මිලදී ගනු ඇති.

(Neth)