Monday, February 16, 2026
Follow Us
කාර්යාලීය වේලාවන් සංශෝධනය කිරීමට යෝජනාවක්

රටතුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා කාර්යාලීය වේලාවන් සංශෝධනය කිරීම, රාජ්‍ය ආයතනවල පැවැත්වෙන සාකච්ඡා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම ඇතුළු කරුණු රැසක් ඊට ඇතුලත් බවයි වාර්තා වන්නේ.

මේ අතර ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

(Neth)