Monday, February 16, 2026
Follow Us
ජනාධිපතිවරයා ලබාදුන් දැනුම් දීම

විදුලි කප්පාදුවක් නෑ ලු


විදුලි කප්පාදුවකින් තොරව ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බව ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා පවසයි.

පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“බොහෝම සාර්ථකයි සාකච්ඡාව. අපි විදුලිය කපන්නේ නැතුව යන්න වැඩපිළිවෙලක් ලෑස්ති කරා. විදුලිබල මණඩලයයි, තෙල් සංස්ථාවයි තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව තිබ්බේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මමත් බලශක්ති ඇමති තුමත් අවශ්‍ය නිලධාරින් හිටියා. එතැන දී ජනාධිපතිවරයා කිව්වා විදුලිය විසන්ධි නොකර යන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියලා.”

තෙල් තියෙනවා ද?

ඔව් තෙල් දැනට තියෙනවා. ඉදිරියේ දී තෙල් ලබාගන්න ලෑස්ති කළා.

එයට අවශ්‍ය සල්ලි තියෙනවා ද?

ඔව්

ඒ කියන්නේ විදුලිය කපන්නේ නෑ

සිදුවන්නේ නෑ.

(Aruna)