Monday, February 16, 2026
Follow Us
දැවි තෙල් නොමැතිව තවත් බලාගාරයක් නවතී

දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පැවසුවේ.

මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද ජනාධිපති කාර්යාලයට කැඳවා තිබෙනවා.

දැවි තෙල් ගැටළුව විසදා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු ඇති බවයි වාර්තා වන්නේ. එම සාකච්ඡාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අද රාත්‍රීයේදී පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. මීට පෙර එම සංගමය ප්‍රකාශ කර තිබුණේ අද දිනයේ පැය භාගයක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

කෙසේවෙතත් විදුලි බලාගාරවල දැවි තෙල් අර්බුදය උග්‍ර වීම හේතුවෙන් අද පස්වරු 5යි 30සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පැවසුවේ.

මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද ජනාධිපති කාර්යාලයට කැඳවා තිබෙනවා. දැවි තෙල් ගැටළුව විසදා ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා කෙරුණු ඇති බවයි වාර්තා වන්නේ. එම සාකච්ඡාවට ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අද රාත්‍රීයේදී පැයක පමණ විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. මීට පෙර එම සංගමය ප්‍රකාශ කර තිබුණේ අද දිනයේ පැය භාගයක පමණ විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.

කෙසේවෙතත් විදුලි බලාගාරවල දැවි තෙල් අර්බුදය උග්‍ර වීම හේතුවෙන් අද පස්වරු 5යි 30සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පැයක පමණ කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

විදුලි අර්බුදයට දිගු කාලීන විසදුමක් සකස් නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ උත්ගත වු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

විදුලි අර්බුදයට දිගු කාලීන විසදුමක් සකස් නොකිරීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ උත්ගත වු බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

(Neth)