Monday, February 16, 2026
Follow Us
උපාධිය කරන්න පොලී රහිත ණයක්

කැම්පස් යන්න බැරි වුණු සිසුන්ට සුහ ආරංචියක්


රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව තිබේ.

එම ණය යෝජනා ක්‍රමය “Skills – High Education Exhibition @kaluthara – 2022” නමින් හඳුන්වා තිබේ.

2018, 2019 සහ 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වු සිසුන්ට වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කරමින් ජනවාරි 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන පෙ.ව 9.30 – ප.ව 4.30 දක්වා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

(Aruna)