Monday, February 16, 2026
Follow Us
බූස්ටර් එන්නත නොගත්තොත් වෙන්න යන දේ

බූස්ටර් මාත්‍රාව නොගන්නා අයට වැඩ වරදී


කොවිඩ් මර්දනය සඳහා බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විවිධ දියුණු රටවල නීතිමය ආකාරයෙන් තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි.

මෙයින් පෙනී යන්නේ මෙහි වැදගත්කම බැවින් එම නීතියට දඩයක් නියම කරනුයේ ඔබව රැකගන්න බව ඔහු වැඩිදුරටත් පවසයි.

“මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගැටලුව තුළදීම නැතිනම් ඒ ප්‍රකාශ තුළින්ම දියුණු රටවලින් නීතිමය ප්‍රකාරව කටයුතු කිරීම තුළින් පෙනී යනවා මේකේ තියෙන වැදගත් බව. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඔබව රැකගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වන මාත්‍රාව ලබාගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කරගැනීමට. ඒ පුද්ගල වගකීම පෙරදැරි කරගෙන ඔබ, ඔබ විසින්ම තීරණය කර ගනිමින් ඔබේ ආරක්ෂාව තර කරගැනීම අප සියලුදෙනාගේම වගකීමක්.”

(Aruna)