Monday, February 16, 2026
Follow Us
ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ගැන සොයන්න කමිටු 3ක්

ඇතැම් විභාග මධ්‍යස්ථානවල අක්‍රමිකතා


ශිෂ්‍යත්ව විභාගයේ ගැටළු ඇති වූ මධ්‍යස්ථානවල සිසුන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

22 පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව සිසු දරුවන් සහ දෙමව්පියන් චෝදනා එල්ල කළේ ඇතැම් විභාග මධ්‍යස්ථානවල අක්‍රමිකතා සිදුවූ බවටයි.

කෙසේ වෙතත්, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටු 03ක් පත්කර ඇති අතර, ඒ අනුව විමර්ශන සිදුකරන බවයි.

(Aruna)