Monday, February 16, 2026
Follow Us
පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්මට බලපාන වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා – විමල්

පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

”ණයවර ලිපි නිකුත් කරගැනීමේ, LC ඕපන් කරගැනීමේ අර්බුදයක් තිබෙනවා. එනිසා බොහෝ කර්මාන්තකරුවන් විශාල අසීරුතාවයකට මුහුණපාලා තිබෙනවා. ඒ ගැන සාකච්ඡා කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේදී මම යෝජනාවක් කළා, මේ අමුද්‍රව්‍ය ආනයනය කරන රටවල් ගොඩක් නෑ, කීපයක් තියෙන්නෙ, අඩු ගාණෙ ඒ රටවල් එකක් හෝ දෙකක් සමග සාකච්ඡා කරලා විශේෂ ක්‍රෙඩිට් ලයින් එකක්වත් අමුද්‍රව්‍ය සඳහා පමණක් ලබාගැනීමට කටයුතු කිරීම තමයි මේ අවස්ථාවේ තියෙන හොඳම විසඳුම කියලා. පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්ම සම්බන්ධයෙන් අද මතුවී තිබෙන ප්‍රධානතම අභියෝගය තමයි මේ ආනයනික අමුද්‍රව්‍ය ලබාගැනීම පිළිබඳ ප්‍රශ්නය”

අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (21) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)