Monday, February 16, 2026
Follow Us
පවතින විදුලි අර්බුදයට ගත හැකි විසඳුම් පිළිබඳ ලගදීම නිල ප්‍රකාශයක්

පවතින විදුලි අර්බුදයට ගත හැකි විසඳුම් පිළිබඳ ලගදීම නිල ප්‍රකාශයක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඒ අනුව වීදි විදුලි පහන් නිවා දැමීම, රාජ්‍ය ආයතනවල විදුලි සෝපානවල ක්‍රියාකාරීත්වය අඩු කිරීම, වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාකරන කාලය පාලනය කිරීම වැනි තීරණ එහිදී ප්‍රකාශයට පත් කරනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින්.

(Neth)