Monday, February 16, 2026
Follow Us
බෙහෙත් ගේන්න ඩොලර් ලැබුණත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කන්ටේනර් දහසක් තවමත් වරායේ

මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් ලබාදී තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 16 යි දශම 3 ක් ඒ වෙනුවෙන් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ. ඒ සමගින් රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට තිබූ ඉඩකඩ ඇහිරී ගිය බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර දැනට විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ දැඩි කතාබහක්.

ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් මෙරටට ගෙන්වූ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 1000 ක් පමණ තවදුරටත් වරායේ සිරවී තිබෙනවා.

එලෙස රැගෙනවිත් තිබූ කන්ටේනර් 300 ක් පමණ ඊයේ වනවිට නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ලැබුණු බවයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ.

මෙවන් වටපිටාවක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ ඉන්ධන ආනයනය සඳහා මාසිකව වැයවන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

(Neth)