කොවිඩ් ආසාදිත දරුවන්ටත් විභාගයට පෙනීසිටීමට විශේෂ ක්‍රමවේදයක්
2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වෙනවා.
ඒ අනුව මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා සඳහන් කළා.
විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී මෙවර විභාගය පැවත්වීමට සැලසුම් කර තිබෙනවා.
කොවිඩ්-19 ව්‍යවසනය හමුවේ වුවද කිසිම දරුවකුට අසාධාරණයක් නොවී කොවිඩ් ආසාදිත හා නිරෝධායනයට ලක්වී ඇති දරුවන්ට විශේෂ ක්‍රමවේදයක් යටතේ විභාගයට ලිවීමට පහසුකම් සළසා ඇති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.
කොවිඩ් ආසාදිත දරුවන්ට, කලාපයකට එක් විශේෂිත මධ්‍යස්ථානය බැගින් දිවයින පුරා මධ්‍යස්ථාන 108ක් ස්ථාපනය කර ඇති අතර කොවිඩ් ආසාධිත දරුවන් තමාට ලඟම විභාග මධ්‍යස්ථානය වෙත ගොස් පී.සී.ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලබා දී විශේෂ මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටීමට පහසුකම් සලසා තිබෙනවා.
නිරෝධායනය වන සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන්ට තමාට අදාළ මධ්‍යස්ථානයේම විශේෂ කාමරයක් ස්ථාපනයකර ඇති අතර එහිදී ඔවුන්ට විභාගයට පිළිතුරු ලිවීමට හැකියාව පවතිනවා.
සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව දරුවන් විභාගය සඳහා යොමු කිරීමට දෙමාපියන්ද වගබලා ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවා.
(Aruna)