Monday, February 16, 2026
Follow Us
අයවැයෙන් වැඩ ලක්ෂයක්

දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය විසින් දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

“අයවැයෙන් වැඩ ලක්ෂයක්“ නමින් හඳුන්වන එම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රකර ගනිමින් ලබන මස 3 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ආර්ථික අභියෝග ජය ගැනීමේ අරමුණින් නිෂ්පාදනය වැඩිකර ආදායම් ඉහළ නැංවීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති මෙන්ම වෙළෙඳ, නිවාස වැඩසටහන ඇතුළුව විවිධ ක්ෂේත්‍රවලට අයත් සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙම ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කෙරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කළා.

(Aruna)