Monday, February 16, 2026
Follow Us
කොවිඩ් ආසාදිත දරුවන්ටත් ශිෂ්‍යත්වය ලියන්න වරමක්

කොවිඩ් ආසාදිත හෝ නිවෙස් නිරෝධායනයට හෝ ලක්ව සිටින ඕනෑම දරුවෙකුට හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාගයට පෙනී සිටීමට සුදුසුකම් සම්පූර්ණ කළ එවැනි දරුවන් හා මව්පියන් සිදුකළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ පාලන හා විමර්ශන විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මෙලෙස පැහැදිළි කළා.

කොවිඩ් ආසාදිත දරුවෙකුට තමන්ට ආසන්න විශේෂිත විභාග මධ්‍යස්ථානය වෙත යාමට පහසුකම් සලසා ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙලෙස හෙට දිනයේ පැවැත්වෙන්නේ 2021 වසරේ පැවැත්විමට නියමිතව තිබූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයයි. මෙවර විභාගයට සහභාගී වන සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 40,508 ක්. විභාග මධ්‍යස්ථාන 2,943 ක් හා විශේෂ මධ්‍යස්ථාන 108 ක් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් සූදානම්.

විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පැවසුවේ කොවිඩ් ව්‍යවසනය හමුවේ වුවද, කිසිඳු දරුවෙකුට අසාධාරණයක් නොවී විශේෂ ක්‍රමවේද යටතේ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

නෙත් එෆ් එම් රේඩියෝව ද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් පහේ පන්තිය නමින් විශේෂ වැඩසටහන් මාලාවක් දියත් කළා.

ඊට සහභාගී වූ ප්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන් ශිෂ්‍යත්වයට මුහුණදෙන දරුවන්ට මෙවන් උපදෙසක් ලබාදුන්නා.

විභාගයට පැමිණීමේදී මව්පියන් ඇතුළු දරුවන් මුව ආවරණ පැළඳීම, දෙඅත් සේදීම හා පුද්ගල දුරස්ථභාවය වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකිරීම අනිවාර්යය වනවා. ශිෂ්‍යත්ව විභාගය හෙට පෙරවරු 09 යි 30 ට ආරම්භ වනවා.

(Neth)