Monday, February 16, 2026
Follow Us
ඩොලර් ප්‍රශ්නයට රත්තරංගේ පිළිතුර – ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන්නෙ ඕනෑ

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

”පිළිතුර තමයි ශක්‍ර දේවේන්ද්‍රයාව මෙහෙට ආනයනය කරන එක. ශක්‍ර දේවේන්ද්‍රයාව ආනයනය කරලා ශක්‍ර දේවේන්ද්‍රයාට කියන්න ඕනෙ මෙන්න දැන් ඩොලර් ටිකක් මවලා දෙන්න, මෙහෙමයි කියලා …

දැනුයි රට විවෘත වෙන්නෙ. දැන් අපි ආර්ථිකය ගොඩනගනවා. මේක අපි හිතලා කරපු දෙයක් නෙවෙයි”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (20) දිනයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)