Monday, February 16, 2026
Follow Us
පෝට්සිටි නැරඹීමට යන පිරිස් වෙත විශේෂ දැනුම් දීමක්

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මන්තීරුව විවෘත කිරීමත් සමඟ එය නැරඹීම සඳහා විශාල ජනකායක් මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා.

ඉකුත් සති අන්තයේදී එය නැරඹීමට වාර්තාගත ජනතාවක් පැමිණියා. කෙසේවෙතත් ඇතැමුන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් කොළඹ වරාය නගරයේ සාගර කලාපයට මෙන්ම පදික මන්තීරුවේ ඇතැම් ස්ථානවලට ද හානි සිදුව තිබුණා. ඒවා දැක්වෙන ඡායාරූප ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

මෙවැනි ක්‍රියාවලින් වැලකී කොළඹ වරාය නගර කලාපය රැක ගැනීමට එක්වන ලෙයසි සමුද්‍රීය පරීක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශණී ළහදපුර ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මන්තීරුවට සහ ඒ ආශ්‍රිත සාගර පද්ධතියට හානි කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

 

(Neth)