Monday, February 16, 2026
Follow Us
වැඩිකළ වැටුපට අමතරව රුපියල් 5,000 සේ දීමනාවත් ගුරු - විදුහල්පතිවරුන්ට

රජයේ සේවකයන්ට හිමි වන රුපියල් පන්දහසේ දීමනාව ගුරු - විදුහල්පතිවරුන්ට ද ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් සියලු ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000 දීමනාව ලබාදීම තාවකාලිකව අත්හිටුවා ඇති බව එම කලාප කාර්යාලය ලිඛිතව දැනුම් දී තිබුණා.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරාගෙන් කළ විමසීමකදී ඔහු සදහන් කළේ ගුරු - විදුහල්පතිවරුන්ට ගෙවීමට අදාළ එම මුදල මහා භාණ්ඩාගාරයෙන් ඊයේ දිනයේ ලබාගත් බවයි.

ඒ අනුව ගුරු - විදුහල්පතිවරුන්ට වැටුප් විෂමතා ඉවත් කිරීමෙන් වැඩි වූ මුදල මෙන්ම රුපියල් පන්දහසේ දීමනාව ද මෙම මස සිට ලබාදෙන බවයි අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)