Monday, February 16, 2026
Follow Us
විදුලි බුබුළු 50% ක් නිවා දමන්න – පරිසර ඇමති

විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලිය අරපරෙස්සමෙන් භාවිතා කිරීම සියලුදෙනාගේ වගකීමක් බවද ඇමතිවරයා පවසනවා. ඒ අනුව රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනද මෙවැනි ක්‍රියාමාර්ග ගතයුතු බව අමරවීර මහතා සඳහන් කරනවා.

 

(LNW)