Monday, February 16, 2026
Follow Us
හැමදෙයක්ම රඳා පවතින්නේ රාජ්‍ය සේවය මතයි – ජනපති අමාත්‍යාංශ ලේකම්වරුන්ට දුන් උපදෙස්

රජය විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බවත් එහෙයින් ඔවුන් විශාල කැපවීමක් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

”මම ලේකම්වරයෙක් හැටියට හිටියා අමාරුම අමාත්‍යාංශ දෙකක. ආරක්ෂක අමාත්‍යාංශයයි, නාගරික සංවර්ධන අමාත්‍යාංශයයි. ඉතින් අපි ලේකම්වරුන් විසින් ලොකු කැපවීමක් කරන්නට ඕනෙ. අපි ඉදිරිපත් කරලා තියෙන වැඩපිළිවෙල සාර්ථක කරගන්න පුළුවන් වෙන්නෙ ලේකම්වරුන්ට. ලබන අවුරුදු දෙක හැම ප්‍රයත්නයක්ම දරලා සාර්ථක කරගන්නට පුළුවන් වෙන්න ඕනෙ.

අපි හැමතිස්සෙම අමාත්‍යාංශයක දැනෙන වැඩක් කරන්න ඕනෙ. වැඩසටහනක් අපි හැම එකටම දීලා තියෙනවා, අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දීලා තියෙනවා. ලේකම්වරුන් හැටියට මෙන්න මේ කාර්යය කරන්න හිතාගමු. විශේෂයෙන්ම අපි මතක තියාගන්න ඕනෙ දෙයක් තමයි අපේ රටේ හැමදෙයක්ම රඳා පවතින්නේ රාජ්‍ය සේවය මතයි. ඉතින් ඒක කාර්යක්ෂම නොවුණොත් රට ඉදිරියට යන්නෙ නෑ”

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (19) නව ජනාධිපති ලේකම්වරයා සහ නව අගමැති ලේකම්වරයාට පත්වීම් භාරදීමෙන් අනතුරුව කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් සමග පැවති රැස්වීමක් අමතමිනි.

(LNW)