Monday, February 16, 2026
Follow Us
පොලිය ඉහළට ?

මුදල් ප්‍රතිපත්ති විවරණයෙන් දැනුම් දෙන දේ


2022 වසරේ අංක 01 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට (20) දැනුම් දීමට නියමිතය.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යනවාද, නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන මුදල් මණ්ඩල තීරණය මෙහිදී දැනුම් දෙනු ඇත.

2021 නොවැම්බර් 24 දින රැස් වූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේම පවත්වා ගෙන යාමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 5.00 සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 6.00 මට්ටමේ පවත්වා ගෙන යාමට තීරණය කෙරුණි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව 2022 සිය පළමු මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී, පොලී අනුපාත ඉහළ නැංවීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයන් සහ විශ්ලේෂකයින් පවසන බව රොයිටර් වාර්තාවක් පවසයි.

වර්ධනය වන මිල පීඩනයන්ට මුහුණ දීම, බාහිර අභියෝග කළමනාකරණය කිරීම සහ රුපියල මත පීඩනය අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෙලෙස පොලී අනුපාත ඉහළ නැංවීමට කටයුතු කරනු ඇතැයි එහි වැඩිදුරටත් සඳහන් වේ.

(Aruna)