Monday, February 16, 2026
Follow Us
ලංකාවේ තිබෙන අර්බුද ගැන බන්දුල හෙළිකරයි

2029 වෙනකන් ලංකාවට ගැලවීමක් නෑලු


වර්තමානයේ රට තුල ප්‍රධාන අර්බුද 3ක් තිබෙන බවත් රටේ විදේශ විනිමය අර්බුදය අතීතයේ සිට තිබුණු බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“අපේ රටේ මේ වන විට ප්‍රධාන අර්බුදයන් 3ක් තිබෙනවා. එකක් තමයි විදේශ විනිමය පිළිබඳ (ඩොලර්) අර්බුදය. දෙවැනි එක රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය. තුන ආර්ථිකය කඩා වැටිලා එතනින් ගොඩ ඒමේ අර්බුදය.ජනාධිපතිවරයාගේ කතාවේ බොහොම පැහැදිලිව මෙකී අර්බුද සඳහා ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ බව මම සඳහන් කරන්න ඕනී…”

අපේ රටට නිදහස ලැබුණු දවසේ සිට කවුරුන් ආණ්ඩුව සිදු කළත් භාණ්ඩ ආනයනයට යන වියදමට සාපේක්ෂව ආදායම වැඩි කරගෙන නොමැති බව ඔහු පවසයි.

1977න් පසු ලංකාවේ වෙළෙඳ හිඟයක් තිබූ බවත් සෑමදා කර ඇත්තේ රටේ නිෂ්පාදනය කිරීමට වැඩියෙන් පිටින් ගෙන්වා පරිභෝජනය කිරීම බවත් ඔහු සඳහන් කරයි.

“…මේක තමයි ප්‍රශ්නයේ ඇත්ත කතාව. කාට හරි බැන බැන ඉන්නවාට වැඩිය මේ තිබෙන ගැඹුරැ ප්‍රශ්නය පිළිබඳ අවබෝද කර නොගෙන ඒ අවස්ථාවේ ඇති වන වාසිදායක තත්ත්වය තුලදී විදේශ විනිමයෙන් බඩ පිනුමගැසීමත්, දුෂ්කරතාවයන්හීදී කාට හරි ඇගිල්ල දිගු කිරීමත් තමයි සිදු කරලා තිබෙන්නේ.

2029 වෙනකන් මේ අර්බුදයට මේ රට මුහුන දෙන්න ඕනී. ඒකයි මේ ගැටලුව ජාතික අර්බුදයක් කියලා කියන්නේ. මෙහෙම ස්වෛරීත්ව බැදුම්කර නිකුත් කරලා ලංකා ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් යහපාලන ආණ්ඩුව වගේ මෙලෙස ණය අරගෙන නෑ…”

(Aruna)