Monday, February 16, 2026
Follow Us
අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි දැනුම් දීමක්

රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ රට තුළ ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බැවින් හදිසි අවශ්‍යතාවය සඳහා මෙම ඉන්ධන තොගය රැස්කර තබා ගන්නා ලෙසයි.

මේ අතර ඉන්ධන අඩංගු නෞකා දෙකක් මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට ළඟා වුණා.

එහෙත් එහි ඉන්ධන ගොඩබෑම සිදු නොවුනේ ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීම ප්‍රමාද වීම හේතුවෙන්.

(Neth)