ජනපති රාජාසන කතාව අරඹයි
සිය පාලන කාලය තුළ මානව හිමිකම් කඩ කිරීමට ඉඩ නොදුන් බවත් ඉදිරියටත් ඉඩ නොදෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමින් ජනපතිවරයා මේ බව පැවසීය.
තමන් මානව හිමිකම් කඩ කිරීම අනුමත නොකරන බවද ඔහු පැවැසීය.
යුද්ධයෙන් අතුරුදන් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කරන බවත් ජාතිවාදය ප්‍රතික්ෂේප කරන බවත් ජනපතිවරයා සඳහන් කළේය.
තමා ජනපතිවරයා ලෙස පත්වීමෙන් පසුව අධිකරණයේ මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ පත්වීම් දේශපාලනීකරණය කිරීමට කටයුතු නොකළ බවද ඔහු පැවැසීය.
(Aruna)