නියෝග කඩකරන්නන්ට නීතිමය පියවර
අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා.
2021 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා පැවත්වීමට නියමිතයි.
ඒ් අනුව විභාගකොමසාරිස් ජෙනරාල් ඒල්.ඒම්.ඩී ධර්මසේන මහතා පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් උපකාරක පංති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.
එමෙන්ම අදාළ කාලය තුළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදාහැරීමද තහනම් වනවා.
විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර බෙදාහරින ලෙස පවසා පෝස්ටර්. බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීමද තහනම් වන අතර එවැනි දැන්වීම් ළග තබාගැනීමද තහනම් බවයි විභාග කොමසාරිස් දැනුම් දුන්නේ.
එම නියෝග නොසලකා කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
(Aruna)