Monday, February 16, 2026
Follow Us
අඩු ආදායම්ලාභීන්ට ලොකුගේ ගෙන් නොමිලේ ලැබෙන දේ

අඩු ආදායම්ලාභීන්ගේ අතට ගාණක් ලැබෙන වැඩක්


අඩු ආදායම්ලාභීන් සඳහා විදුලි බල අමාත්‍යංශය විසින් නොමිලයේ සූර්ය කෝෂ ලබාදීමට සැලසුම් කර තිබේ.

එම නව වැඩපිළිවෙළ ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේය.

එක් ග්‍රාම නිලධාරී කොට්ඨාසයකින් එක් නිවසක් තෝරා ගෙන නිවාස 14,000 කට වොට් 5,10 සහ 15 ප්‍රමාණයන්ගෙන් සූර්ය කෝෂ සවිකරනු ඇත.

වොට් 5ක සූර්ය කෝෂයක් ඇති අයෙකුට මසකට රුපියල් 1500ක් මුදලක් ගෙවන්න බලාපොරොත්තු වන අතර ඉන්පසු අවුරුදු 10ක් ගියපසු ඔවුන්ට මාසකට රුපියල් දස දහසක් පමණ අතට ලැබෙන වැඩපිලිවෙළක් බව ඔහු පවසයි.

මීට අමතරව ආගමික සිද්ධස්ථාන සඳහා ද සූර්ය කෝෂ සවි කිරීම සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Aruna)