Monday, February 16, 2026
Follow Us
රාජ්‍ය ආයතනවල තොරතුරු එකතු කරයි

මුදල් අමාත්‍යංශයෙන් රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්


සියලු අමාත්‍යංශවල හා රාජ්‍ය ආයතනවල භාවිත කරන ඉඩම්,වාහන හා ගොඩනැගිලි ගැන තොරතුරු ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යංශයේ කොම්ප්ට්‍රෝලර් ජනරාල් කේ.ඒ.රම්‍ය කාන්ති මහත්මිය දැනුම් දී ඇත.

සෑම රාජ්‍ය ආයතනයකින්ම මෙම තොරතුරු ලබන අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබ ගැනිමට අපේක්ෂා කෙරේ.

බොහෝමයක් රාජ්‍ය ආයතන සතු වාහනවලට අමතරව වාහන විශාල ප්‍රමාණයක් කුලියට ලබාගෙන පාවිච්චි කරනු ලබන බවද අනාවරණය වේ.

රාජ්‍ය ආයතන සතු ඉඩම්වලින් බොහොමයක් අනවසර පදිංචිකරුවන් සිටින බව ද අනාවරණය වී ඇත.

මේ සියලු තොරතුරු හා ඒවාට යන වියදම පිළිබඳව දැනුම් දෙන ලෙසට නියම කර ඇත.

(Aruna)