මේ මස 22 වන දා මධ්‍යස්ථාන 2943කදී පැවැත්වීමට නියමිතයි
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 22 වන දා මධ්‍යස්ථාන 2943කදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එම විභාගය සඳහා සිංහල හා දෙමළ මාධ්‍යයෙන් අපේක්ෂකයන් 340,508 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
මේ අතර, උසස් පෙළ විභාගය ද පෙබරවාරි 7 වන දා සිට මාර්තු 5 වන දා දක්වා මධ්‍යස්ථාන 2438කදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ සඳහා පාසල් අයදුම්කරුවන් 279,141 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 66,101 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි
(Aruna)