අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස ඊයේ විවෘත කිරීමට එක් වෙමින්.
බොරු ප්‍රචාරවලට නොරැවටී ජනතාවට ලබාදුන් පොරොන්දු මෙම වසර තුන තුලදී ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන්ද මෙහිදී ඉල්ලීමක් කළා.
රුපියල් 95කට හෝ වී මිලදීගෙන ගොවියා ශක්තිමත් කිරීමට තමන් කෘෂිකර්ම අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ විවේචනයන්ට පිළිතුරු ක්‍රියාවෙන් පෙන්වන බවයි.
මේ අතර ඊයේ විවෘත කෙරුණු මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස අද දහවල් 12 දක්වා ගාස්තු අයකිරීමකින් තොරව රථවාහනවලට ගමන් කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ සඳහා අවස්ථාව හිමි වන්නේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමට අනුමැතිය ලබා දී ඇති රථ වාහන සඳහා පමණක් බවයි මහා මාර්ග අමාත්‍යාංශය පැවසුවේ.
(Neth)