Monday, February 16, 2026
Follow Us
අවලංගු වූ දුම්රියවල ටිකට්පත් වෙනුවෙන් මගීන්ට යළි මුදල් ගෙවීමට තීරණයක්

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ හදිසි වැඩවර්ජනය හේතුවෙන් අවලංගු කළ දුම්රියවල ගමන් කිරීම සඳහා මගීන් ලබා ගෙන තිබූ ටිකට් පත් සඳහා නැවත මුදල් ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ එම ටිකට්පත් අදාල කවුන්ටර් වෙත ඉදිරිපත් කිරීමෙන් නැවත එම මුදල් ලබා ගත හැකි බවයි. විනය කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයින්ට එරෙහිව විනය පරීක්ෂණ සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියා.

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)