Tuesday, February 17, 2026
Follow Us
පොල් තෙල් නිෂ්පාදකයින්ට සහන රැසක්

අලුතෙන් නිෂ්පාදකයින් 200කට අධික පිරිසක්

දකුණු පළාත තුල පසුගිය වර්ෂයේ දි කුඩා පරිමානයේ පොල්තෙල් නිෂ්පාදකයින් 200කට අධික පිරිසක් අලුතෙන් පොල්තෙල් නිෂ්පාදනය සදහා යොමුවි ඇති බව පොල්සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍ර නිලධාරි ඒ.ජි.එස්. රංගජිව මහතා සඳහන් කළා.

පොල් සංවර්ධන අධිකාරියේ මෙහෙයවිම මත නව කුඩා කර්මාන්ත හිමියන් ලෙස මොවුන් පොල්තෙල් නිෂ්පාදනය සදහා යොමුවි ඇති බවයි එහිදී ඔහු සඳහන් කළේ.

පොල් සංවර්ධන අධිකාරිය මගින් ගුණාත්මක තත්වයෙන් යුතු පොල්තෙල් නිෂ්පාදනය කරන ලෙස උපදෙස් ලබාදිම හා පොල්තෙල් නිෂ්පාදකයින්ට අවශ්‍ය සහන ලබාදිම නිසා නව නිෂ්පාදකයින් පොල්තෙල් නිෂ්පාදනය සදහා යොමුවී ඇති බවද ඔහු එහිදී පැවසුවා.

මෙම වර්ෂයේ දි කුඩා පරිමානයේ පොල්තෙල් නිෂ්පාදකයින් සදහා වරකට පොල්ගොඩි 300ක් පමණ වියලාගත හැකි කොප්පරා වෙලන යන්ත්‍ර 200ක් ලබාදිමටද සැලසුම්කොට ඇති බවයි පොල්සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍රනිලධාරිවරයා කියා සිටියේ.

පොල්තෙල් නිෂ්පාදකයින් සදහා සියයට 06ක සහනදායි පොලිය යටතේ ණය පහසුකම් ලබාදිමට කටයුතු කරඇති බවද පොල්සංවර්ධන අධිකාරියේ ක්ෂේත්‍රනිලධාරිවරයා වැඩිදුරටත් සදහන් කළා.

(Aruna)