Tuesday, February 17, 2026
Follow Us
කුලියට ඉන්න අයට ස්ථිර නිවසක්

කැබිනට් අනුමැතිය හිමිවෙයි

නිවසක් හෝ නිවසක් ඉදිකිරීමට ඉඩමක් හෝ නොමැති කුලී පදනම මත ජීවත්වන පවුල් සඳහා ස්ථිර නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ අනුව මධ්‍යම ආදායම්ලාභීන් වෙනුවෙන් දැරිය හැකි මිලකට සොඳුරු මහල් නිවාස නමින් නිවාස ව්‍යාපෘතියක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ක්‍රියත්මක කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියට තෝරා ගන්නා අය සඳහා රුපියල් 500000ක මූලික මුදලක් ගෙවීමේ හැකියාව තිබිය යුතු අතර නිවසේ වටිනාකමින් ඉතිරි කොටස වර්ෂයක් තුළ වාරික වශයෙන් අය කිරීමට යෝජිතයි.

අවශ්‍ය අය වෙත බැංකු මගින් ණයක් ලබාදීමට මෙහිදි යෝජනා කර තිබෙනවා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු රනපොකුණගම ඉඩමක මේ හරහා නිවාස ඒකක 72ක් ඉදිකිරීමට නියමිතයි.

(Aruna)