Tuesday, February 17, 2026
Follow Us
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් ආනයනයට කැබිනට් අනුමැතිය

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.

සහල් හිගයක් ඇති වුවහොත් වෙළඳපොලට සහල් නිකුත් කිරීමේ අරමුණින් මෙම සහල් ආනයනය කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 02 ක් සහ සම්බා සහල් සඳහා ආදේශකයක් ලෙස තවත් සහල් වර්ගයකින් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කරනු ඇත.

(LNW)