ජනවාරි මස 22 වෙනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සුදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටිමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.
ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ 2021 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආනයනයන් ඩොලර් බිලියන 21.6ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 2020 වර්ෂයේදී එය ඩොලර් බිලියන 16.1ක් සහ 2019 වර්ෂයේදී එය ඩොලර් බිලියන 19.9ක් ව තිබු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
(Neth)