Tuesday, February 17, 2026
Follow Us
පළාත් පාලන සභික ධුර කාලය වසරකින් දීර්ඝ වෙයි

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුවයි. ඒ අනුව නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශී්ය සභා සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වනු ඇති.

එම ගැසට් නිවේදනයට නගර සභා 41 ක් ඇතුලත්. මහ නගරසභා 24 ක් සහ ප්‍රදේශීය සභා 275 ක් ඇතුලත් වන පරිදියි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

(Neth)