Tuesday, February 17, 2026
Follow Us
වැඩියෙන් සංචාරකයින් ගෙන්වන ආයතනවලට ලැබෙන සහනය

මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන දිරි ගැන්වීම සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.

දේශීය ගමනාන්ත කලමනාකරණ සමාගම්, හෝටල් හිමියන් සහ මාර්ගගත සංචාරක නියෝජිතයන් සඳහා මෙම වැඩසටහන හඳුන්වා දීමට නියමිතව තිබෙනවා. සංචාරක ප්‍රවර්ධන කාර්යංශ අරමුදල් යටතේ රුපියල් මිලියන 400ක් මේ සඳහා වෙන් කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ.

2025 වසර වන විට අමෙරිකානු ඩොලර් බිලියන 10ක සංචාරක ආදායම් ඉලක්කයකට ලඟා වීමරජයේ අපේක්ෂාව වී තිබෙනවා. ඒ කාලය වනවිට විදෙස් සංචාරකයන් මිලියන 06ක් ලංකාවට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍යංශය සඳහන් කළේ.

පසුගිය දින 8 තුල මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 23,745 ක් වන අතර 2021 වසරේ ජනවාරි මාසයේ මුල් දින 8 තුල මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682කු පමණයි.

(Neth)